
කොරෝනා ආසාදිත රෝගියකු රෝහල් ගත කිරිම සඳහා බණ්ඩාරගම අටලූගමට ගිය අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බැණවැදී එම නිලධාරින්ට කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ගැටලු කාරී තත්වයක් පැනනැගී තිබේ.
පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව රෝහල් ගතවන ලෙස මහජන පරීක්ෂකවරු දෙදෙනෙකු මෙම රෝගියා වෙත ගොස් දන්වා සිටි පසු ආවේගශීලීව ඔවුන්ට
ආසාදිතයා සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළ බව සෞඛ්‍ය නිලධාරීහී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය. රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමග අටලුගම ඔහුගේ නිවෙස අසලට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගිය අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය නිමේෂා රත්නවීර මෙසේ කීවාය.
'මේ තත්ත්වය තුළ අද 3 වැනිදා අටලූගම ප්‍රදේශයේ සිදු කිරිමට යොදාගෙන තිබූ පී.සී.ආර්. නවතා දැමුවා. ඒ වගේම අටලූගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරින් සමග සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා."
මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් දී ඇති අතර සිදුවීම ගැන පොලිස් පරික්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval