
මතුගම, වෑත්තෑව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසය තුළ පෙරේදා (13දා) රාත්‍රි වයෝවෘද්ධ
පුද්ගලයකුගේ හිසට පොල්ලකින් පහරදී ශරීරයට පිහි පහරවල් 21ක් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි මතුගම පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වැඩිහිටි නිවාසයේ රැඳී සිටි ජෝර්ජ් සෙනවිරත්න නමැති 77 හැවිරිදි
පුද්ගලයකු බව පොලිසිය කියයි.
ඝාතනය සිදු කර ඇත්තේ 69 හැවිරිදි එම නිවාසයේම සිටි පුද්ගලයෙකි. ඔහු සහ පහරදීමට යොදා ගත් ඇඳ පොල්ල සහ තියුණු පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.
දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් පසු සැකකරු අසල තිබූ ඇඳ පොල්ලක් ගෙන හිසට පහරදී
ඇති බවත් ඉන්පසු තියුණු පිහියක් ගෙන ශරීරයේ පපුව, යටිබඩ, පිට ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයකට පිහි
පහරවල් 21ක් ඇන තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීහු
පරීක්‍ෂණ පවත්වති.
පොතුපිටිය - සුමිත් රණවක
Comments
Post a Comment
Your comment will be visible after approval