මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05) පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුවී තිබේ.
අදාළ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බව වාර්තා විය.
එම කම්පන සිදුවී ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ ය.
සියලු කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරයි.
ඊයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුවී තිබුණි.
එය පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කරන ලදි.

Comments
Post a Comment
Your comment will be visible after approval