
මවට එල්ල කළ මාරාන්තික පිහි පරහක් වළක්වා ගැනීමට උත්සාහ කළ ඇයගේ 28 හැවිරිදී පුතාගේ දකුණු අතේ මහපට ඇගිල්ල කැපීගොස් ඇතැයි උහන පොලිසිය කියයි. දකුණු අත ඉදිරියට දමා එම මාරාන්තික පිහි පාර වලක්වා මවගේ ජීවිතය බේරා ගැනීමට පුතා සමත්ව තිබෙන බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
මවට පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා කසිප්පු ජාවාරමේ නිරත වූවකු බවත් ඔහුට එරෙහිව අධිකරණයේ එවැනි නඩු කීපයක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි. ඇඟිල්ල අහිමි වූ පුතා පොල්ලකින් පහර දුන් බව කියමින් පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා ද අම්පාර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කීය. රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත් කර හැරිය පසු පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval