
කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක කොළඹ ද සොයිසා රෝහලේදී සිවු නිවුන් දරු උපතක් සිදුකර ඇති බව රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරිකා කිරිවන්දෙණිය ප්‍රකාශ කර තිබේ.
මේ වන විට මව සහ දරුවන් සුවයෙන් පසුවන බවද දන්වා ඇත.
කොවිඩ් ආසාදිත මෙම මව 29 හැවිරිදි වියේ පසුවන අතර ඇය මරදාන, කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මිට පෙර අවස්ථා දෙකක දී මෙරටින් කොවිඩ් ආසාදිත මව්වරුන් දෙදෙනෙකුට නිවුන් දරු උපත් සිදු කර තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval