
කොස්ගම පොලිස් බල ප්‍රදේශය හුදෙකලා බවින් නිදහස් කිරීම හේතුවෙන් දින හයක් පුරා කලු අග්ගල දක්වා ධාවනය වූ බස් රථ අද (30) දා පස්වරුවේ සිට ඇස්වත්ත මංසන්ධිය දක්වා ධාවනය කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද මහතා පැවසුවේය.
ඒ අනුව මාර්ග අංක 122 පිටකොටුවේ සිට හයිලෙවල් මාර්ගයෙන් හා මාර්ග අංක 1/3 ලෝලෙවල් මාර්ගයෙන් අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ බස් රථ හා 239/2 පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස්රථ ඇස්වත්ත හන්දිය දක්වා ධාවනය වන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහ අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු සඳහන් කළේය.
පසුගිය 24 දා අවිස්සාවේල්ල, රුවන්වැල්ල හා කොස්ගම යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා කිරීම හේතුවෙන් පිටකොටුවේ සිට හයිලෙවල් මාර්ගයෙන් හා ලෝලෙවල් මාර්ගයෙන් අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ සියලුම බස් රථ කලුඅග්ගල දක්වා පමණක් ධාවනය කිරීමට පියවර ගන්නා ලදි.
ඒ අනුව මාර්ග අංක 239/ 2 පාදුක්ක අවිස්සාවේල්ල මාර්ගයේ ධාවනය වන බස් රථ ද කලුඅග්ගල දක්වා පමණක් ධාවනය විය.
Comments
Post a Comment
Your comment will be visible after approval