
අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු කොවිඩ්-19 වෛරසය මර්දනයට භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා තිබේ.
දේශය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන නමුත් එම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශය පවසයි.
ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
තම ශරීර ප්‍රතිශක්තිය වර්ධන උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම තවදුරටත් පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව ද එම අමාත්‍යාංශය කියා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval