
ගාල්ල ඉදිපලේගොඩ, පට්ටියකන්ද ප්‍රදේශයේ දියපහරක් තුළ නිධානයක් ඇති බව පවසමින් තරුණයින් කිහිපදෙනෙකුගෙන් මුදල් ලබාගෙන තිබුණ ජාවාරමක් හසුව තිබෙන අතර එම ජාවාරමට රැවටී
පොලීසිය පැවසුවේ, සැකකරුවන් විසින් නිධානයක් ඇති බවට දියපහර තුළ ව්‍යජ ලෙස නොවටිනා මැණික් ගල් 4 ක් සහ ඉමිටේෂන් සෙම්බුවක් තැන්පත් කර මෙම තරුණයින් රවටා ඇති බවයි.
මෙම වංචාව හෙලිවීමෙන් පසු මියගොස් ඇත්තේ එහිදී නිධානය ලබා ගැනීම සඳහා තරුණයින්ගේ වැඩිම මුදලක් යෙදු බව පැවසෙන ගාල්ල, පිටිගල ප්‍රදේශයේ තරුණයාය. ඔහු ලක්ෂ දොළහමාරක් ආයෝජනය කර තිබූ අතර සිය මුදල් අහිමීවිම හේතුවෙන් එය පියවාගන්නට ක්‍රමයක් නැති බවට කල්පණා කරමින් සිටි අතර හෘදයබාධයක් වැළදීමෙන් මිය ගොස් තිබුණි.
ඔහුගේ මව කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධිය අනාවරණ වී ඇති අතර මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් පරීක්ණ ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval