මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා එම ධුරයෙන් පහකිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යූ.ගමගේ මහතා පියවර ගෙන තිබේ.


ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි.

එහි දැක්වෙන්නේ නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ඒක පුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.

ඩල්ජිත් අලුවිහාරේ මහතා නගරාධිපති ධුරයේ කාර්යන් ඉටු කිරීමේදී මහ නගර සභා ආඥා පනතේ වගන්ති කිහිපයක් උල්ලංඝණය කර ඇතැයි එකී පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ බව එම නිවේදනයේ සඳහන් ය.

මාතලේ නගරාධිපති ධුරය දැරූ ඩල්ජිත් අලුවිහාරේ මහතා තාවකාලිකව එම ධුරය දැරීම වළක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා මෙම පරීක්ෂණය සිදු කළේ ය.