
කොරෝනා මර්දනය සඳහා ධම්මික බණ්ඩාර නමැති අය විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණිය සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇමතිවරයා පසුගිය දිනවල කරුණු දැක්වූයේ ධනාත්මකවය. ඒ අතරවාරයේ පැණිය ගැන ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොමු කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අදාළ පැණිය සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට ඉන් අවසර ලැබෙනු ඇත.
මේ පිළිබඳව කළ විමසීමේදී ධම්මික පැණිය පිළිබඳ පර්යේෂණ කිරීමට පත් කළ විද්වත් කමිටුවේ
සාමාජිකයකු පැවැසුවේ එම පැණිය සායනික පරීක්ෂණ සඳහා ලියාපදිංචි කරන ලේඛනයට ඇතුළත් කිරීමට අවශ්‍ය පියවරද මේ වන විට ගෙන ඇති බවය.
ඒ අනුව එහි ප්‍රතිඵලද තවත් සති දෙකක් හෝ තුනක් වැනි කාලයකදී නිකුත් කිරීමට හැකි වනු ඇති බව ඔහු සඳහන් කළේය.
ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට පෙර අදාළ පැණිය මූලික පරීක්ෂණ සඳහා භාජන කර එහි බැරලෝහ හෝ මිනිස් ශරීරයට අහිතකර මූලද්‍රව්‍ය අඩංගු දැයි පරික්ෂා කර ඊට අදාළ පර්යේෂණ
යෝජනා පත්‍රය ලබා දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval