
වවුනියාව, පරන්නට්කල් ප්‍රදේශයේ පදිංචිව අතුරුදන්ව සිටි මවක සහ දියණියකගේ මළසිරුරු වගා ළිඳක තිබී 28දා සවස සොයාගත් බවට ඕමන්ත පොලිසිය පවසයි.
පසුගිය 27 වැනිදා මෙම මව සහ දියණිය අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් ඕමන්ත පොලිසියට පැමිණිලි කොට තිබිණි.
පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෝදිසියක් සිදුකරන අතරවාරයේ ගම්මානයේ කුඹුරු යායට
ආසන්නයේ තිබූ අනාරක්ෂිත වගා ළිඳක තිබී අතුරුදන් වූ මව සහ දියණියගේ මළ සිරුරු හමු වී ඇත.
සොයාගත් මළ සිරුරු මේ වන විට වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කොට ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි මවක් සහ 03 හැවිරිදි දියණියක් වන අතර මිය ගිය මව සහ දියණිය අදාළ ළිඳට වැටීමට හෝ මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මුලතිව් - ශෂිකුමාර්,වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, වවුනියාව - එන්. ප්‍රියදර්ශනී
Comments
Post a Comment
Your comment will be visible after approval