
කොවිඩ් පැණිය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ඉරිදා (20) කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගේ නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත පිරිසක් එක් රැස්වී සිටි බව වාර්තා විය.
මෙහිදී පැමිණි සිටි තමන්ට පැණිය ලබා දෙන ලෙස ඉල්ලා දැඩි ලෙස ඉල්ලීම් කළ අතර එහිදී දැඩි කලබලකාරී තත්ත්වයක් ඇතිව තිබේ. පැණිය තමන්ට අවශ්‍ය යයි කියමින් පොරකන පිරිස් ඉදිරියට ගොස් ධම්මික මහතා ශබ්ද නගා වාද කරනු රූපවාහිනී නාලිකා මගින් ප්‍රචාරය විය.
මේ අතර කොරෝනා වෛරසය මැඬලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දෙන ලද ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කටයුතු ඉවත් කර ඇතැයි අද ජාතික රූපවාහිනිය වාර්තා කරන ලදි. ඖෂධ වර්ග තුනක් පරීක්ෂණ කටයුතු සඳහා ජාතික පර්යේෂණ සභාවට බාර දී නමුත් අනුමැතියට ඉදිරිපත් කර ඇත්තේ ඖෂධ දෙකක් පමණක් බව ද එසේ ඉවත් කරේ ධම්මික පැණිය බවද එම සභාව සඳහන් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval