ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට කොවිඩ් 19වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමත් සමග ඔහුගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට පැවැති කෘෂිකර්ම වැඩමුළුවකට සහභාගී වූ ගොවිජන සේවා මධ්‍යස්ථාන 17ක නිලධාරීහු විශාල පිරිසක් ස්වයං නීරෝධායනයට යොමු කරනු ලැබ සිටිනි. හම්බන්තොට වීරකැටිය,
උඩයාල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉකුත් 28 වැනි දින කෘෂිකර්ම වැඩමුළුවක්කොමසාරිස් ජෙනරාල්වරයාට රෝග ලක්ෂණ මතුවී ඇත්තේ එම වැඩමුළුවට සහභාගි වීමෙන් පසුව වන අතර කොවිඩ්19 වයිරසය වැළඳී ඇති බව ඔහුට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේ දී තහවුරු වී තිබේ. හම්බන්තොට වැඩමුළුවට සහභාගි වූ කෘෂිකර්ම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් දින කීපයක් රාජකාරි කටයුතුවල නිරතව ඇති අතර තවත් පිරිසක් ඉකුත් දිනවල ක්ෂ්‍රේත්‍ර රාජකාරිවල පවා නිරතව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 17ම සහ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය විෂබීජහරණය කළ බව ද වාර්තා වේ. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ රියැදුරු සහ පළමු පෙළ ආශ්‍රිතයන් පී.සී.ආර්. පරිෂ්ණවලට යොමු කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ කියයි.
-සනත් ගමගේ-

Comments
Post a Comment
Your comment will be visible after approval