පෝරමුල්ල ප්‍රදේශයේ නිවසක අක්‍රිය වූ විදුලි බුබුල ඉවත් කර අලුතින් විදුලි බුබුලක් සවි කිරීමට ගිය දොළොස් හැවිරිදි පාසල් සිසුවකුට පෙරේදා (5 වැනිදා) විදුලි සැර වැදී මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.
සිසුවා ගොකරැල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණය ඉහළවතුර කෝරළේ හදිසි මරණ පරික්ෂක බී.එම්.කේ. දහනායක මහතා විසින් ද, පශ්චාත් මරණ පරීක්ෂණය ගොකරැල්ල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා විසින් ද සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව මෙම මරණය විදුලිය සැර වැදීමෙන් ඇතිවූ කම්පනයෙන් සිදුව ඇතැයි නිගමනය විය.
- අතුල පී. බණ්ඩාරනායක-

Comments
Post a Comment
Your comment will be visible after approval