
ගංදර පොලිස් ස්ථානයේ සැරයන් වරයෙකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වීමෙන් එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රදවා සිටි සැකකරුවෙකු තුවාල ලැබු සිදුවීමක් වාර්තා විය.
ඔහු මාතර මහ රෝහලට ඇතුලත් කර ඇති අතර
ගන්දර පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සිටි සැකකරු වෙඩි වැදී තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පොලිස් සැරයන්වරයා සිය රාජකාරි ගිනි අවියෙන් පතොරම් ඉවත් කිරීමට යාමේදී පිස්තෝලය ක්‍රියාත්මක වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරිවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති අතර සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඔහු මාතර පොලිස් ස්ථානය වෙත මාරුකර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තිස් හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ උදර ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාර එල්ල වී ඇති මුත් තත්ත්වය බරපතළ නොවන බව රෝහල දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval