වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය 43 හැවිරිදි කොරෝනා ආසාදිත ක්ෂය රෝගියා මරදානේ නිවසක සිටියදී සොයාගෙන ඇති බව සවස වාර්තා විය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු වන මෙම පුද්ගලයා  ඊයේ පස්වරුවේ රෝහලෙන් පැන ගොස් තිබූ අතර ඔහු ලබාදුන් ලිපින ව්‍යාජ ඒවා බව පසුව කළ පරීක්ෂාවේදී අනාවරණය විය.
එම පුද්ගලයා සොයා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂාවෙන් පොලිසිය ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර රෝහල්ගත වීමේදී මරදාන ප්‍රදේශය ලෙස දැක්වෙන ව්‍යාජ ලිපිනයේ නොව ස්ථිර පදිංචිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ලිපිනයක් බවට අනාවරණ වී තිබුණි.

මරදාන ප්‍රදේශයේ ලිපින තුනක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිටින ස්ථානය සොයා ගත් බව සෞඛ්‍ය ආරක්ෂිතව පොලිස් භාරයට ගත් එම පුද්ගලයා නැවත ළය රෝහල කරා යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේය.

 මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද දහවල් 1ට පමණ හමුවූ බවයි.
අජිත් රෝහණ මහතා පැවසුවේ, ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන අතර සුව වීමෙන් පසු නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සහ ව්‍යාජ තොරතුරු සැපයීම යන චෝදනාවලට අදාළව ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇත..