
දෙහිවල වෙරළ තීරයේ ඉකුත් 6 වැනිදා දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි සිසුවාගේ සිරුර පෙරේදා (8) අලුයම 4.00 ට පමණ දෙහිවල ඇල්බඩි පෙදෙස ඉදිරිපිට මුහුදේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගනු ලැබීය.
මෙලෙස මියගොස් ඇත්තේ දෙහිවල, ඕබන් සයිඩ් පෙදෙස පදිංචි වයස අවුරුදු 19 ක් වන කවුඩාන ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකයකු වන රුචිර දිල්ෂාන් සමරජීව සිසුවකු වේ.
මොහු අතුරුදන් වූ ඉකුත් 6 වැනිදා සවස සිට ඥාතීන්, නාවික හමුදාව, පොලිසිය සමග ප්‍රදේශවාසීන් ධීවර බෝට්ටු හිමියන් එක්ව දැඩි සෝදිසියකදී වෙරළ තීරයේ ආසන්නයේ ජලය මත පෙරේදා (8) අලුයම 4.00 ට පමණ පාවෙමින් තිබෙනු දැක ගොඩ ගෙන පොලිසිය හා අදාළ ස්ථාන දැනුවත් කිරීමෙන් පසු සිරුර පරික්ෂණ කටයුතු සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
- එච්.එම්. ධර්මපාල -
Comments
Post a Comment
Your comment will be visible after approval