
බණ්ඩාරගම අටලූගම නිවෙසක දී තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදිතවී තිබිම හේතුවෙන් අධිකරණයේ අවසරය මත මළ සිරුර නිරෝධායන නීති රිති අනුව
මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පී.සී. ආර්. පරික්ෂණයේ දී කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් පානදුර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් නිරෝධායන නීති රීතිවලට අනුව මළ සිරුරේ අවසන් කටයුතු සිදු කරන ලෙස ලබාදුන් නියෝග අනුව ආදාහන කටයුතු සිදුකළ බව සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 3081 එදිරිසිංහ මහතා අධිකරණයට කරුණු දැක්විය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ -
Comments
Post a Comment
Your comment will be visible after approval