
මෙරට ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල 18 ක සිසු සිසුවියන් ඒකරාශී වී වායුගෝලයේ විවිධ සංඝටක පිළිබද දත්ත ලබා ගැනීම සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා අත්හදාබැලීමේ බැලුනයක් ගුවන් ගත කිරීම අද (26) දින පෙරවරුවේ දඹුල්ල ඩී එස් සේනානායක විදුහලේ දී සිදුකර තිබේ.
මෙම විශේෂ අත්හදාබැලීමේ බැලූනය කිලෝමීටර් 35 ත් 40 ත් අතර ඉහළ ආකාසේ ගමන් කර ආකාශයේ ඉහළ දී මෙම බැලුනය පුපුරා එහි සවිකොට ඇති පැරිෂුටයක් එකක් මගින් ලබාගත් තොරතුරු සියල්ල පොළොවට ගෙන ඒම සිදුවන බව විශ්වවිද්‍යාල සිසුහු පවසති.
මෙමගින් ඉහල වායුගෝලයේ පවතින විවිධ සංඝටක ප්‍රමාණයන් අනාවරණය කරගැනීම කාලගුණික දත්ත සපයා ගැනීම සිදු කරනු ඇත.
විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිට අද දින අලුයම 5ට පමණ ආරම්භ කරන ලද අත්හදා බැලීම උදේ 7.30 ට පමණ සාර්ථක ව බැලුන ගුවන් ගත කිරීමකින් අවසන් කරන ලදි.
ඇමෙරිකාවෙන් ගෙන්වන ලද විවිධ විද්‍යුත් උපකරණ සහ තොරතුරු දත්ත රැස් කිරීමේ පෙට්ටියක්ද සවිකොට මෙම රබර් බැලුනය ගුවන් ගත කිරීම සිදු කර තිබේ.
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




Comments
Post a Comment
Your comment will be visible after approval