
බිලිඳු දරුවන් තිස් දෙනකු පමණ මුදලට විකුණූ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා අනියම් ඇසුරු නිසා ගැබ්ගත් බව කියන විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනකු සහ ඇඟලුම් කම්හල් සේවිකාවන් කිහිප දෙනෙකුගේ ද දරුවන් මුදලට විකුණා ඇති බවට තොරතුරු හෙළිවී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දරුවන් නොමැති නීතිඥයන්, පොලිස් නිලධාරින්, විධායක ශ්‍රේණියේ නිලධාරින් සහ ධනවත්ම ව්‍යාපාරිකයන් ගණනාවක් ද මෙම සැකකරුගෙන් බිළිඳුන් රුපියල් 1,50,000 සහ ලක්ෂ 02 ක අතර මුදල් ගෙවා ලබා ගෙන ඇති බවට මෙතෙක් කරන ලද පරික්ෂණ වලින් කරුණු අනාවරණය වී තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. ඇතැම් විශ්වවිද්‍යාල සිසුවියන්, තරුණියන් ඇතුළු ගැබ්ගත් පසු මව්පියන්ගේ අනුදැනුම මත මෙම ස්ථානයට පැමිණ දරුවා ප්‍රසූත කිරිමෙන් පසුව සැකකරුට එම දරුවා බාර දී ගොස් ඇති බවට ද තොරතුරු පොලිසියට ලැබී ඇති බව කියති. පොලිසිය මෙතෙක් කළ පරික්ෂණවලට අනුව දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ට කිසිදු මුදලක් ලබා දී නොමැති බව පැවසේ. මෙම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ද පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පරික්ෂණ පවත්වාගෙන යයි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
Comments
Post a Comment
Your comment will be visible after approval