පොලිස් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණය වීමත් සමගම ඔහුට පොලිස් ඇප ලබාදී ස්වයං නිරෝධායනයට යොමු කිරිමට ඊයේ 2 වැනි පියවර ගත් බව කළුතර දකුණ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මෙම
බීමත්ව රිය පැදවීම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී එම පුද්ගලයාගේ බිරිඳ තම සැමියාට කොරෝනා ආසාදිත වී ඇතැයි වෛද්‍ය වා්වකින් අනාවරණය වූ බව දුරකතනය හරහා පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. වාද්දුව මාවල ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා පෞද්ගලිකව ඉදිරිපත්වී මීට දින කිහිපයකට ඉහත පී.සී.ආර්. පරික්ෂණයකට පෙනී සිටි අයෙකු බවට වැඩිදුර ආරංචිමාර්ග සඳහන් කරයි. ඇප මත මුදාහළ සෙසු සැකකරුවෝ කළුතර ගමගොඩ හා කිතුලාව පදිංචිකරුවෝය.
-බිමල් ජයසිංහ-
