
සුපතල ඔරලෝසු සන්නාමයක් වන "සීකෝ" ආයතනය මෙම ත්‍යාගයට අනුග්‍රහය දක්වමින් පවසා ඇත්තේ එම මුදල් සාගර විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා යොදවන ලෙසයි.
සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය මේ ගැන මෙසේ පවසයි
"සාගර සංරක්ෂණ ක්‍රියාවලියේ දී එයට කැපවන සහ සංරක්ෂණය කළ යුතු අංග හඳුනාගෙන ඒවාට විසඳුම් සොයන පිරිසක් රටකට ඉතාමත් වටිනවා .ඔවුන්ට නිසි මාර්ගෝපදේශනයක් ලබා දිය යුතුයි. මම ඉගෙන ගත්තෙ
තනිවම . එතකොට නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගන්න කෙනෙක් හිටියෙ නෑ. මේක මට ලැබුනු හොඳ අවස්ථාවක් සාගරය ගැන උනන්දුවක් දක්වන පිරිසට උදවි කරන්න. "ඒ වගේම සාගර සංරක්ෂණය පිළිබඳව ඇල්මක් ඇති අයට හොඳ උත්තේජයක් වනවා. "
අදාළ සම්මානය ගැන විස්තරය මෙතැනින්
https://www.scubadiving.com/asha-de-vos-named-2020-sea-hero-year

