
බස්නාහිර පළාතෙන් පිටතට තහනම් කර ඇති පුද්ගල සංචරණ තහනම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
කරන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව 5 වන සඳුදා සිට බස්නාහිර පළාතින් පිටතට යාමට හා ඒමට හැකි වන අතර මගී ප්‍රවාහන සේවා අධිවේග මාර්ගද මෙම නීතියට අනුගත වනු ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශ වනුයේ
මට්ටක්කුලිය,මෝදර, බ්ලූමැන්ඩල්. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්,වෙරළබඩ පොලිසිය,ආදුරුප්පුවීදිය,
ඊට අමතරව මරදාන, කොටුව, කොම්පඤ්ඤවීදිය, පිටකොටුව හා ඩෑම් වීදිය යන පොලිස් වසම් 16 දා උදෑසන 5.00 සිට
හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කර ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජාඇල, රාගම, කඩවත,වත්තල,පෑලියගොඩ යන පොලිස් බල ප්‍රදේශ
තවදුරටත් හුදෙකලා ප්‍ර දේශ ලෙස නම්කර ඇති අතර සපුගස්කන්ද හා පමුණුගම හුදෙකලා බවින් මුදවා ඇත.
කැලණිය පොලිස් වසම සඳුදා දින උදෑසන 5.00 සිට හුදෙකලා ප්‍ර දේශයක් ලෙස නම්කර තිබේ.
මීට අමතරව කුරුණැගල මහ නගර සභා සීමාව, කුලියාපිටිය පොලිස් වසම, හොරණ පොලිස් වසම, ඉංගිරිය
පොලිස් වසම, වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම, රුවන්වැල්ල පොලිස් වසම හා මාවනැල්ල පොලිස්
වසම්වල හුදෙකලා තත්ත්වය හෙට උදෑසන 5.00ට ඉවත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval