9.45pm
ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජාඇල, රාගම,කඩවත,වත්තල, පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කර ඇත. අලුතින් කැලණිය පොලිස් බල ප්‍රදේශයද සඳුදා උදේ 5 සිට හුදෙකලා කර ඇත.
මෙතෙක් හුදෙකලා කර තිබූ ගම්පහ දිස්ත්‍රික්කයේ පමුණුගම සහ සපුගස්කන්ද හුදෙකලා බවින් ඉවත් කර ඇත.කුරුණෑගල කළුතර හා කෑගල්ලේ හුදෙකලා ප්‍රදේශද හෙට සිට හුදෙකලා බවින් මුදවා ඇත. (රජයේ නිවේදනය පහළ ඇත)
9.15pm
මරදාන කොටුව පිටකොටුව කොම්පඤ්ඤ වීදිය
සඳුදා උදෑසන සිට බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීමේ අවසරය ලබාදීම ගැන ඔහු තවම ප්‍රකාශයක් නිකුත් කළේ නැත.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති
මට්ටක්කුලිය,මෝදර,
බ්ලූමැන්ඩල්. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්,වෙරළබඩ පොලිසිය,ආදුරුප්පුවීදිය,
මාලිගාවත්ත, දෙමටගොඩ වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත හුදෙකලා ප්‍රදේශ තවදුරටත් හුදෙකලා තත්වයේ පවතී.
කොළඹ නගරයේ දැනට මුවදොර උයන, සිරිමුතු උයන, සිරිසඳ සෙවන, රන්දිය උයන, මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, රන්මිණ සෙවන, සත්හිරු සෙවන, මාළිගාවත්ත NHS නිවාස සංකීර්ණය, රන්මුතු සෙවන සහ ලක්හිරු සෙවන යන නිවාස සංකීර්ණද හුදෙකලාභාවයට පත් කර ඇත.


