ටෙලිනාට්‍ය රූගත කිරීම සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇත. ඒ අනුව දැනට විකාශය කරන ටෙලිනාට්‍යවල ඉතිරි කොටස් රූගත කිරීම සඳහා පමණක් අවසර ලබාදෙන බවද එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ. හුදකලාකර තිබෙන ප්‍රදේශවල හෝ නිරෝධායනය කර ඇති නිවෙස්වල රූගත කිරීම තහනම් වන අතර අනෙක් ප්‍රදේශවල රූගත කිරීම් කළ හැකි බවද එම මාර්ගෝපදේශවල දැක්වේ.
රූගත කිරීමට සහභාගි වන අතර අත් සේදීම, නාමලේඛනයක් පවත්වාගෙන යාම, සහභාගිවත්තගේ උණ හා සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත්වීම, රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සියලු දෙනා තත්පර 30ක්වත් සබන් යොදා දෑත් සේදීම, හැකි සෑම විටම මුහුණු ආවරණ පැළදීම, රූගත කිරීම් නැරඹීමට පුද්ගලයන්ට ඉඩ නොදීම ඇතුළු කොන්දේසි තවත් ගණනාවක් හඳුන්වාදී ඇත. මීට අමතරව ශබ්දාගාරවලට ඇතුළුවන පිරිස වරකට සියයට 25ක සීමාවක පවත්වාගෙන යාම, හැකි හැමවිටම අත්‍යවශ්‍ය පිරිසක් පමණක් කටයුතු සදහා සහභාගි කර ගැනීම කළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ කොන්දේසි මාලාවේ සඳහන් වේ. මේ අතර ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ ඉල්ලීම පරිදි ඉහත උපදෙස් මාලාව සකස්කර සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
-රංජන් කස්තුරි -

Comments
Post a Comment
Your comment will be visible after approval