
බස්නාහිර පළාතේ දැනට බලපවත්වන ඇඳිරි නීතිය මින් පෙර දන්වා සිටි පරිදි හෙට (9) උදෑසන ස්ථිරවම ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහනකට එක්වෙමින් දන්වා සිටියේය.
එම ඉවත්කිරීම එසේ සිදුවුවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ලොක්ඩවුන් තත්වයේ පවතින බවද දන්වා සිටි අතර එම ප්‍රදේශ වලින් පිටවීමට ඇතුළුවීමට තහනම් කර ඇති බව කීය.
එම හුදෙකලා කළ ප්‍රදේශද ඔහු නම් කළ අතර ඒවා මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කයේ
මට්ටක්කුලිය,මෝදර, බ්ලූමැන්ඩල්. කොටහේන, ග්‍රෑන්ඩ්පාස්,වෙරළබඩ පොලිසිය,ආදුරුප්පුවීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත
ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල,පෑලියගොඩ, කඩවත,රාගම, මීගමුව, පමුණුගම ජාඇල සහ සපුගස්කන්ද
කළුතර දිස්ත්‍රික්කය
හොරණ ,ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරි වසම
කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල නගරසභා සීමාව
කුලියාපිටිය පොලිස් වසම
කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල හා රුවන් වැල්ල
මෙම ස්ථාන ලොක් ඩවුන් තත්වයෙන් ඉවත් කිරීම අවශ්‍යතාව අනුව සිදුවිය හැකි අතර බස්නාහිර පළාතේ හෝ වෙනත් පළාතක ඇඳිරි නීතිය ඕනෑම වේලාවක නැවත පැනවීමට ඉඩ ඇති බවද හමුදාපතිවරයා දන්වා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval