කොළඹ ඛෙත්තාරාම (ආර්. ප්‍රේමදාස) ක්‍රීඩාංගනයේ ‘ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නකු’ (බැගෙජ් බෝයි) ලෙස සේවය කරන පුද්ගලයකු ‘කොවිඩ් 19' ආසාදිතයකු ලෙස හදුනා ගැනීමත් සමග ජාතික ක්‍රිකට් කණ්ඩායම ව්‍යාකූල තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. කොළඹ නගර සීමාවේ පදිංචිකරුවකු වන ආසාදිත ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නා එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායමක සේවයට යෑමට නියමිත නිසා පී.සි.ආර්. පරික්ෂණයකට ලක්කර ඇති බව වාර්තා වේ.
ටෙස්ට් සංචිත පල්ලේකැලේ බලා පිටත්ව යෑමට පෙර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා භාණ්ඩ මුදාහැර ඇත් ෙත් මෙම ආසාදිත 'ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නා බවත් කාමරයට සිමාකර ඇති නිලධාරින් ඇතුළු සිවුදෙනා භාණ්ඩ බාර ගැනීමට ගොස් ඇති බවත් වාර්තා වේ. මෙම තත්වය හේතුවෙන් අදාළ නිලධාරින්ට ඊයේ පැවැති පුහුණු සැසියට සහභාගි වීමට නොහැකි විය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිඳව ඊයේ (17) රාත්‍රී කළ විමසීමක දී ඔහු පැවසුවේ එවැනි ආසාදිතයකු හඳුනා ගෙන ඇති බවත් එය ජාතික කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බවය.
-යොහාන් භාසුර -

Comments
Post a Comment
Your comment will be visible after approval