COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඉදිරිපත් කර ඇති මුඛ ආවරණ පැලඳීම සහ සමාජදුරස්ථභාවය ඇතුළු මූලික සෞඛ්‍ය ක්‍රමවේද ජපානයේ සාප්පු තුළ ක්‍රියාත්මක වන්නේදැයි විමසා බැලීම සඳහා රොබෝ ලිපිකරුවන් යෙදවීමක් සිදුව ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ජපානයේ රොබෝ තාක්ෂණික කර්මාන්තයේ
එරට කියෝටෝ නුවර Advanced Telecommunications Research Institute International (ATR) නම් සමාගමක් මගින් මෙම රොබෝව නිපදවා ඇත. එය ඔවුන් Robovie ලෙස නම් කර නිබේ. ඒ අනුව මෙම රොබෝව තුල අැති ෙල්සර් කිරණ මගින් සාප්පුව තුළ සිටින පාරිභෝගිකයන්ගේ සමාජ දුරස්ථභාවය පිළිබඳව මැනීම සිදු කරයි. එහිදී ඉතාමත් ආචාරශීලී ලෙස ඔවුන්ගෙන් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම සඳහා ඉල්ලීමක්ද මෙම රොබෝව මගින් ඉදිරිපත් කරයි.
විශේෂයෙන්ම මෙවැනි වසංගත රෝග අවස්ථාවකදී සාප්පුවට පැමිණෙන පාරිභෝගිකයන් සහ එහි සේවකයන් අතර සබඳනාව අවම කරගැනීම සඳහා මෙවැනි රොබෝ සේවකයන් යොදාගැනීම වඩාත් සුදුසු බව ATR සමාගම සඳහන් කර සිටියි.

Comments
Post a Comment
Your comment will be visible after approval