
කුරුදුවත්ත පොලිසියේ නිලධාරීන් 46 දෙනෙකු ඊයේ (15) නිරෝධායනය පිණිස කළුතර පොලිස් විද්‍යාලය වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
ඒ එම පොලිසියෙන් පළමු කොරෝනා රෝගියා වාර්තා වී දින 11 කට පසුවය.
පොලිසියට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු පසුගිය 04 වැනිදා කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම මත රෝහල්ගත කළ අතර ඔහු කොරෝනා රෝගියකු බවට තහවුරු වී මේ වන විට කළුතර පොලිස් විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
එම රෝගියා වාර්තා වීමෙන් පසුව පොලිසියේ ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු නොකිරීම පිළිබඳව එහි ස්ථානාධිපතිවරයා වෙත පොලිස් නිලධාරීන්ගේ දෝෂාරෝපණ එල්ල වී තිබිණි.
පොලිසියට අනුයුක්තව සේවය කළ 46 දෙනකු බස් රථ තුනක් මගින් කළුතරට රැගෙන ගොස් ඇති අතර ඔවුන් පොලිස් රෝහලේ 4 වැනි සහ 7 වැනි වාට්ටුවල සේවය කළ අය බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval