[Trending][btop]
[News][stack]

පරරාජසිංහම් ඝාතනයට වසර 6 ක් සිරගතව සිටි පිල්ලෙයාන් ඇප මත නිදහස්


මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබෙයි.


මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබෙයි.

2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.

2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා පිල්ලෙයාන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔවුහු රිමාන්ඩ් බාරයේ පසුවූහ.