මොණරාගල, මීයාගල ගමට තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ඒ අයගේ ජංගම දුරකථන වලට හරියට සිග්නල් නැති එක. ඒ වගේම අන්තර්ජාල පහසුකම් නැතිවීමත් නිසා ගමේ අධ්‍යාපනය ලබන සිසුන් ගොඩ දෙනෙක් ලොකු අපහසුතාවයකට පත්වෙලා හිටියේ. අජිත් තුෂාර කියන්නෙත් ඒ විදියට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ කරගන්න බැරිව මේ ගමේ හිටපු තරුණයෙක්.

කොරෝනා ප්‍රශ්නය නිසා ඔහුට නිව‌සේ ඉඳන් Online ක්‍රමයට තමයි ඉගෙන ගන්න සිද්ධ වුණේ. නමුත් ඔහුගේ ගෙදරට සිග්නල් නැති නිසා කිලෝමීටර් 1.5ක් විතර දුරට ගිහින් කන්දක් නැඟලා එතන තියෙන ගල් ගුහාවක් ළඟ ඉඳන් තමයි ඔහු ඉගෙනීම් කටයුතු සිදුකරගෙන ගියේ.

ඔහුගේ වගේම ගමේ හැමෝගෙම සිග්නල් ප්‍රශ්නයට උත්තරයක් අද හම්බ වුණා. ඒ ඩයලොග් ආයතනය මඟින් මීයාගල ගම ආවරණය කරමින් 4G පහසුකම් ලබා දීමත් සමඟ. මේ අවස්ථාවට ඩයලොග් ආයතනය ඉහළ කළමණාකාරීත්වය වගේම ගමේ ගොඩ දෙනෙක් සහභාගී වෙලා හිටියා.