ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූයේය. ඔහු මිය යන විට 68 වන වියේ පසුවිය.
Prince of Baila (බයිලා කුමාරයා) යන විරුදාවලිය ලැබු පෝල් ප්‍රනාන්දු වේල්ස් කුමර විදුහලෙන් සිප්සතර හැදෑරිය. පාසල් කාලයේ සිටම ගී ගායනයට ආශාවක් දැක්වූ පෝල් ප්‍රනාන්දුගේ පළමු ගී තැටිය 1970 දී එළි දැක්විණි.  බයිලා ගී ශෛලියට බොහෝ ගී ගැයු පෝල් ප්‍රනාන්දුට “බයිලා කුමරු” යන නම පටබැඳුනේ එවකට සිටි බයිලා දැවන්තයින් අතර ඔහු යෞවනයකු වූ නිසාය.

 “ආවේ වන බඹරෙක් වගේ” “එගොඩ ගොඩේ මල් නෙලනා මල් එතනෝ”  “සුපුන් සඳ පායලා නෑ” “සුපුන් සඳක් අහසේ පා වුණා, “අරුණලු පැතිරෙන”, ”රුවන් මාලිගා නැත මා හට, ” සහ ”නෙලුම් කුමාරි” ඔහුගේ ගීත අතර විශේෂ ගීත වේ.
ඔහු විසින්ම තනු නිර්මාණය කළ “සමන් මලී කොහේ සිටන් ඔබ” ඇතුළු මාධ්‍යවලින් ප්‍රචාරය වූ සහ නොවූ ගීත 150 අධික ප්‍රමාණයක් ඔහු විසින් එළි දක්වා ඇත.

ක්ලැරන්ස් විජේවර්ධන, ලාල් තේනබදු, නිශ්ශංක විමල සුරිය, ප්‍රියා පිරිස්, සුනිල් ධර්මසේන ඇතුළු බොහෝ සංගීත ශිල්පීන්ගේ තනු නිර්මාණවල සහය ලැබුණ ක්වින්ස්ටන් ප්‍රනාන්දු,  ප්‍රියා පිරිස්, හේමසිරි හල්පිට, රොබින්සන් ප්‍රනාන්දු, ඇතුළු බොහෝ ගීත
රචකයන්ගේ පද වැල් ඔහුගේ ගමනට අත්වැලක් විය.                                    
මොරටුව කලා එකමුතුවේ ප්‍රබලතම සාමාජිකයෙකු වන ඔහු  ඔහුටම අවේණික ගැඹුරු හඬ පෞර්ෂයකින් ගායනා කළේය.  
ඔහු මොරටුව කුඩුවාමුල්ල පොල්කොටුව පාරේ පදිංචිව සිටියේය.