පාර්ලිමේන්තුව ඉදිරියටත් රැස්වනවා ද නැද්ද යන්න පිළිබදව අවසාන තීරණය ගැනීම සදභා පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ අද (23) පස්වරුවේ නැවතත් රැස්වෙති. පාර්ලිමේන්තු රැස්වීම හා අණ පනත් සම්මත කිරීම සම්බන්ධයෙන්
පාර්ලිමේන්තු රැස්වීම අද මන්ත්‍රීවරුන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇත්තේ ඒ අනුවය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (23) පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායකයගේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු සියලු පක්ෂ නායකයින් සහභාගිවීමට නියමිතය. පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ මෙයට පෙර ඉකුත් 29 වැනිදා රැස්වූහ. අද (3), ලබන 12 වැනිදා හා 17 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි. මේ අතර පාර්ලිමේන්තු මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරිය තවදුරටත් වසා දැමීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරෙන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
-සුජිත් හේවාජුලියගේ-

Comments
Post a Comment
Your comment will be visible after approval