මාමණ්ඩිය ඝාතනය කිරීමට තැත් කළ නැන්දම්මා ඝාතනය කළ බව පැවසෙන කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේලිව ඊයේ (02දා) සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතා පැවසීය.
මෙසේ මිය ගොස් ඇත්තේ නානුඔය පොලිස් වසමට අයත් සමර්සෙට් වතු යායේ පදිංචි
පසුව එම වතු නිවාස පේලියෙහි පදිංචිකරුවන් සැකකාර කාන්තාවගේ නැන්දම්මා සොයන අවස්ථාවේ ඇය නොසිටි බවත්, පසුව සොයා බැලීමේදී ඇය වැසිකිළියට පිටුපස වේල්ලකින් පහළට වැටී සිටින අයුරු දැක පසුව දෙදෙනාම නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා පස්වරුවේ නැන්දම්මා මිය ගිය බව පොලිසිය පචසයි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව සිය නැන්දම්මාව වේල්ලෙන් පහළට තල්ලු කරන්නට ඇති බව පොලීසිය සැකකරයි.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවට දරුවන් තිදෙනෙක් සිටින බවත් , ඇගේ සැමියා රෝගාතුරව වෙනත් නිවසක සිටින බවත් පොලීසිය පැවසුවේය .
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසූරිය මහතාගේ උපදෙස් පරිදි නානුඔය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර, පො.ප. රසික , උ.පො.ප. සිරිපාල ,පො.සැ. යැල්ලරාව (4733) , පො.ස වීරසිංහ (66586) , පො.කො.ක මාපා (11274) යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
- රංජිත් රාජපක්ෂ -

Comments
Post a Comment
Your comment will be visible after approval