දේශපාලන බලය පෙන්වා අන් අයගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන විකුණන ලදැයි චෝදනාවලට ලක්ව සිටින හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයන් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත විමර්ෂනය කර තමාට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (02) නියම කළේය.
විදේශගතව සිටින පුද්ගලයන්ගේ ඉඩම් දේශපාලන බලය මත බලහත්කාරයෙන් අල්ලාගෙන යළි විකුණුවයි කියන හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාට සහාය දෙන ලදැයි කියන ඩෙස්ටර් අජිත් බාලසූරිය නමැති නීතිඥවරයා,
නුගේගොඩ ප්‍රදේශයේ ඉඩමකට ඇතුළුවීම වළකාලමින් දමා තිබූ ඉබි යතුරු හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නමැත්තාගේ නමින් ලියාපදිංචි කර ඇති පෞද්ගලික ආරක්ෂක සමාගමක නිලධාරීන් පිරිසක් විසින් කඩා එම ඉඩමට අනවසරයෙන් ඇතුළුවී ඇතැයි කියන සිද්ධියක් සමාජ මාධ්‍යවල පසුගියදා ප්‍රචාරය විය. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ එම සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක පිටපතක් පොලිස්පතිවරයා වෙත යොමු කරමින් සිද්ධිය පිළිබඳවද විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.
-මනෝප්‍රිය ගුණසේකර-

Comments
Post a Comment
Your comment will be visible after approval