මීරීගම නාල්ල ප්‍රදේශයේ විශාල පොල්වත්තක බිම් මල් වගාවක් මුවාවෙන් කරගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ෂන කාර්යාංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සහ මීරීගම පොලිසිය සමග ඒකාබද්ධව වැටලීමකින් උපකරණ සමඟ සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.


මෙහිදී ගෝඩා බැරල් 40ක්, කසිප්පු බෝතල් 675ක්, වට පහළවේ තඹ දඟර 2ක්, ගෑස් ළිප් 6ක්, ඊස්ට් පැකට් 28ක්, වතුර මෝටර් 1ක්, සීනි කිලෝ 175ක් සමග සැකකරුවෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

පොල් ඉඩම බදු පදනම යටතේ ලබාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

වැටලීම් සිදුකරන අවස්ථාවේ බදුකාර කසිප්පු ස්කාගාරයේ හිමිකරු පැන ගොස් ඇත. සැකකරුවන් හා භාණ්ඩ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.