බෝගම්බර හිරගෙදර මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බවත්, එය නගර මධ්‍යයේ පවතින බැවින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යෑම සුදුසු නොවන බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එම මධ්‍යස්ථානයේ පුද්ගලයන් 50දෙනෙකු පමණ සේවයේ නිරත වන අතර, ඔවුන් දිනපතා නගරයට පැමිණෙන බවත්, ඒ අනුව දන්ත දාතුන් වහන්සේ වැඩ සිටින නගරය අනතුරකට ලක් කිරීම සම්බන්ධයෙන් බෞද්ධයන් ලෙස කම්පා වන බවත් ඊයේ (18දා) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය. මේ අතර පෙරේදා (17දා) කෝවිඩ්-19 ආසාදිතයන් එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බවත්, එහිදී සිදු වූ වෙඩි තැබීමකදී එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවත් කිරිඇල්ල මහතා පැවසීය. ඒ අනුව බෝගම්බර සිරගෙදර පවත්වාගෙන යනු ලබන
මහනුවර නගරය මැද එක පැත්තකින් මාකට් එක. අනිත් පැත්තෙන් බස් නැවතුම්පොළ. ඒ වගේම දුම්රිය ස්ථානය, තොග වෙළෙඳ පොළ. දැන් ඊයේ රෑ (18දා) කෝවිඩ්19 ආසාදිතයෙක් පැනලා ගිහින්. එක් අයෙකුට වෙඩි තියලා. එක් අයෙකු රෝහල්ගත කරලා. තවත් කිහිප දෙනෙකු පැනලා ගිහින්. මේ ස්ථානය කිසිසේත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නෑ. මේක නගරය මැද තියෙන්නේ. ඒක නිසා අපි රජයට කියනවා මේක මෙතනින් ඉවත් කරන්න. මෙතන 50ක් විතර වැඩ කරනවා. ඔවුන් දිනපතා එනවා නගරයට කෑම ගන්න, ගෙවල්වලට බඩු ගන්න එනවා. මුලින් කිව්වේ 100ක් ගේනවා කියලා. දැන් 800ක් ගෙනල්ලා තියෙනවා.
අනිත් එක දන්ත දාතුන් වහන්සේ වැඩ ඉන්න නගරය මේ වගේ අනතුරකට ලක් කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපි බෞද්ධයෝ ලෙස කපා වෙනවා. මේ ලංකාව පුරා ස්ථාන ගණනාවක් තියෙනවා” යනුවෙන් පවසා සිටියේය. "බෝගම්බර සිරගෙදර අපේ රජය කාලේ හිස් කළා. ඒ අනුව ඒක සංවර්ධනය කරන්න සැලැස්මක් හදලා තිබුණා. කඩ සාප්පු, සිනමාහල්, එළිමන් රංගපීඨ, හස්ත කර්මාන්තවලට කුටි දවසක් ගත කරන්න පුළුවන් ආකාරයට අපි සැලැස්ම හදලා තිබුණා. දැන් මේක වහලා තිබුණ නිසා බෝගම්බර සිරගෙදර නිරෝධායන මධ්‍යස්ථානයකට පරිවර්තනය කරලා.
අනිත් පැත්තෙන් බස් නැවතුම්පොළ. ඒ වගේම දුම්රිය ස්ථානය, තොග වෙළෙඳ පොළ. දැන් ඊයේ රෑ (18දා) කෝවිඩ්19 ආසාදිතයෙක් පැනලා ගිහින්. එක් අයෙකුට වෙඩි තියලා. එක් අයෙකු රෝහල්ගත කරලා. තවත් කිහිප දෙනෙකු පැනලා ගිහින්. මේ ස්ථානය කිසිසේත්ම නිරෝධායන මධ්‍යස්ථානයකට සුදුසු නෑ. මේක නගරය මැද තියෙන්නේ. ඒක නිසා අපි රජයට කියනවා මේක මෙතනින් ඉවත් කරන්න. මෙතන 50ක් විතර වැඩ කරනවා. ඔවුන් දිනපතා එනවා නගරයට කෑම ගන්න, ගෙවල්වලට බඩු ගන්න එනවා. මුලින් කිව්වේ 100ක් ගේනවා කියලා. දැන් 800ක් ගෙනල්ලා තියෙනවා. අනිත් එක දන්ත දාතුන් වහන්සේ වැඩ ඉන්න නගරය මේ වගේ අනතුරකට ලක් කරන එක ගැන ඇත්ත වශයෙන්ම අපි බෞද්ධයෝ ලෙස කම්පා වෙනවා. මේ ලංකාව පුරා ස්ථාන ගණනාවක් තියෙනවා” යනුවෙන් පවසා සිටියේය.
• දිනේෂ් සමරකෝන්

Comments
Post a Comment
Your comment will be visible after approval