සේවිකාවකට කොවිඩ් ආසාදිත වීම නිසා පසුගිය 31වනදා වසාදමන ලද හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අශ්‍රිතයන් 450ක ගේ PCR පරක්ෂණ සිදුකර ඇත. ඉන් සේවකයන් 250දෙනෙකුගේ ප්‍රථිපල මේ වන විට නිකුත්වී තිබේ .
මේ අනුව හොරණ බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 26 දෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇත. ඒ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මින් පෙරද එම ඇඟලුම් කම්හලේ සේවකයින් 34ක් කොවිඩ් ආසාදිත වී ඇති අතර අලුතින් ආසාදිත වූ 26දෙනාත් සමඟ ඇඟලුම් කම්හලේ සම්පුර්ණ ආසාදිත සංඛ්‍යාව 60ක් දක්වා ඉහල ගොස් ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval