අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් පෙරේදා (2) රාත්‍රියේදී මාතර, උයන්වත්ත ප්‍රදේශයේදී සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. මෙම සිරුර එම ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රිකා ජයවීර (67) නමැති දෙදරු මවගේ බවට හඳුනා ගෙන තිබේ. මෙම කාන්තාව තනිවම නිවසේ වාසය කර ඇති අතර පෙරේදා (02දා) ඇයගේ නැගණියක් ඇය බැලීමට පැමිණ තිබූ අතර ඇයට කතා කර දොර හැර නොමැති නිසා අසල්වාසීන්ගෙන් ඒ පිළිබඳ විමසා තිබේ.
ඒ අනුව ඇය අසල්වාසීන් සමග එක්ව නිවසේ දොරක් විවෘත කර බලන විට නිසල ඇයගේ සිරුර දැකගත හැකිව තිබෙන අතර පසුව මේ සම්බන්ධව මාතර පොලීසියට දන්වා තිබේ. ඒ අනුව පෙර්දා (02දා) රාත්‍රියේ පොලිස් විමර්ශන ආරම්භ කළ අතර ඇයගේ සිරුර ආසන්නයේ රෙදි පටියක්ද තිබී පොලීසිය සොයා ගනු ලැබීය. එම රෙදි පටියෙන් ඇයගේ ෙබල්ල තදකොට මෙම මරණය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. මාතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිල සුනඛයා වන "ඔස්කා”ද ගෙනවිත් වැඩිදුර විමර්ශන කරනු ලැබීය.
මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය මාතර වැඩ බලන මහේස්ත්‍රාක් පාලිත හෙට්ටිආරච්චිචි මහතා විසින් පෙරේදා (02දා) මධ්‍යම රාත්‍රියේ සිදුකරනු ලැබු අතර සිරුර මරණ පරික්ෂණය සඳහා යොමු කොට එ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ මහතා විසින් නියෝග කරනු ලැබීය. මාතර මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval