ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයිනේ ආරක්ෂක ප්‍රධානීන් පිරිස ගරු අග්‍රාමාත්‍යතුමා හමුවී කලාපීය ආරක්ෂාවට අදාළව සාකච්ඡාවක නිරත වූහ.
මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුලු නීතිවිරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය සහ ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මාලදිවයින් ආරක්ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි, නියෝජ්‍ය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක්, ආරක්ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
Comments
Post a Comment
Your comment will be visible after approval