කාලයක් තිස්සේ සැලසුම් සහගතව සිදු කළ පැනයාමට කළ තැතක් වළක්වා බන්ධනාගාරගේ දොරවල්වල යතුරු පැහැර ගෙන පැන යාමට තැත් කල කාන්තා රැඳවූවන් 08ක් කොටුකරගන්නට කුරුවිට බන්ධනාගාර නිලධාරිනියන්ට හැකිව තිබේ.
ඊයේ (12 වැනිදා)
පළා යාමට තැත් කළ කාන්තා රැඳවූවන් අටදෙනා පරිශ්‍රයෙන් ඉවත්වන්නට පෙර අනෙක් නිලධාරිනියන්ගේ උකුසු ඇසට හසුව ඇති අතර ඔවුන් ලුහුබැඳි පිටවීමට ඉඩ නොදී අල්ලාගන්නට හැකියාව ලැබී ඇත.
මෙම රැඳවූවන් අටදෙනාම මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාරගත වූවන් වන අතරම ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිට කුරුවිට බන්ධනාගාරයට මාරු කළ අයයි.
මෙම රැඳවූවන්ගේ පහර කෑමට ලක්වූ නිලධාරිනියන් දෙදෙනා මේවනවිට රත්නපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval