කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නේවාසිකාගාරයක ඉකුත් දින සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයකින් ලද ප්‍රතිඵල අනුව එහි පදිංචිව සිටි ඇගලුම් සේවිකාවන් 21 දෙනකු කොරෝනා වයිරස 

ආසාදිතයන් වශයෙන් තහවුරු වූ බව සීදුව කටුනායක පලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවැසීය. කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ  පිහිටි ඇගලුම් කර්මාන්තශාලා රැසක
සේවය කරපු කාන්තාවන් 59 දෙනකු මෙම නේවාසිකාගාරයේ පදිංචිව සිට ඇත. පරිපාලත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසන්නේ ඉතාමත් සීමිත ඉඩකඩ සීමාවක නේවාසිකයන්ට අවශ්‍ය අවම පහසුකම්වත් නොමැතිව මෙම න්වාසිකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවය.  මෙහි රැඳී සිටි ඇගලුම් සේවිකාවන් 59 දෙනාටම සනීපාරක්ෂක කටයුතු සඳහාපාවිච්චි කිරීමට සිදුව තිබුණේ වැසිකිළි දෙකක් පමණි.


කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන කටුනායකට ආසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන ඇඟලුම් කම්හල්වලත් සේවය කරන ඇගලුම් සේවිකාවන්වෙ නුවෙන්ම කටුනායක, ඇවරියවත්ත, අමදොලුව, කුරණ සහ සීදුව වැනි ප්‍රදේශවල පවත්වාගෙන යන මෙවැනි තත්ත්වයේ නවාතැන්පොළවල් ද කටුනායක නිඳහස් වෙළෙඳ කලාපයේ සහ ඒ අවට කොවිඩ් 19 වසංගතය පැතිර යෑමට එක් ප්‍රධාන හේතු සාධකයක් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.