අද (14) දිනය වන විට ශ්‍රී ලංකාවේ සියලු බන්ධනාගාරවලින් වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 329 දක්වා ඉහළ ගොස් ඇත.
ඔවුන් අතර රෝගීන් 323 ක් බන්ධනාගාර රැඳවියන් වන අතර 6 ක් නිලධාරීන්ය.
අද මහනුවර බොගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 80 දෙනෙකු කොරෝනා සඳහා ධනාත්මක වූ අතර
මහනුවර බන්ධනාගාරයේ හඳුනාගත් මුළු රෝගීන් 125 දක්වා. ඒ අනුව ඉහළ ගොස් ඇත.
මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු දන්වා සිටියේ,
“බොගම්බර බන්ධනාගාරයේ තත්වය නරක අතට හැරෙමින් තිබෙනවා, අපි මෙහි නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කළේ සිරකරුවන් 100 දෙනෙකුට පමණි. නමුත් දැන් එහි සිරකරුවන් 809 ක් දාන්න වෙලා තියෙනවා.
කාර්ය මණ්ඩලය සාමාජිකයින් ආහාර ගැනීමට මහනුවර නගරයට යනවා. බන්ධනාගාරයට වැඩි කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. අප මෙය පාලනය නොකළහොත් නගරයද අනතුරට පත්වනු ඇත.“ යනුවෙනි.

Comments
Post a Comment
Your comment will be visible after approval