යාපනය විශ්වවිද්‍යාලයේ ඔක්තෝබර් මස 08වනදා සරසවි සිසුන් හා ආචාර්යවරුන් අතර ඇති වූ නොසන්සුන්තාවයේ විනය කඩ කළ සිසුන් විනයානුකූල පියවර ගැනීමට යාපනය විශ්වවිද්‍යාල පරිපාලන අංශය විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ කලා අශයේ තෙවන වසරේ සිසුන් 7දෙනෙකුට මෙලෙස විනය පියවර ගෙන ඇති අතර එහිදී සිසුන් 3දෙනකුට වසරක කාලයක් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට තහනම් කර ඇති අතර තවත් 04දෙනෙකුට මාස 06ක කාලයක් විශ්වවිද්‍යාලය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය ඔක්තොබර් 08වැනිදා කලා අංශයේ සිසුන් පිරිසක් අතරවූ ගැටුමක් සමථයකට පත් කරගැනීම සඳහා ආචාර්යවරුන් හා ආරක්ෂක නිලධාරීන් පැමිණි අවස්ථාවෙහි ඔවුන් සමග සිසුන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් යාපනය පොලීසිය කැඳවා තත්ත්වය පාලනය කිරීමට සිදු විය.
පසුව අදාළ සිදුවීම පිළිබදව විශ්වවිද්‍යාලය පාලනාධිකාරිය විසින් පරික්ෂණ සිදු කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අංක 946 ට අනුව අදාළ සිසුන් විනය කඩකිරීමක් සිදුකර ඇති බවට පාලනාධිකාරිය විසින් තීරණය කිරීමෙන් පසුව අදාළ සිසුන්ට එරෙහිව විනය පියවර ගෙන ඇත.
- මධුෂංඛ අමරසිංහ -

Comments
Post a Comment
Your comment will be visible after approval