ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 2020.11.10 දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.
මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම 2005 වර්ෂයේදී වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි සමයේ අත්සන් තැබුණු ගිවිසුමක් වන අතර එය සෑම වසර 5කට වරක් දීර්ඝ කරමින් මෙම ගිවිසුම අත්සන් කරනු ලබයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගිත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්විණි.
මෙම ගිවිසුමට අදාළව විශේෂ සංවර්ධන ව්‍යාපෘතිවල පිරිවැය රුපියල් මිලියන 300 ඉක්මවන අතර හදිසි පූර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවය, නිවාස ව්‍යාපෘති, නව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ කටයුතු ඒ ඔස්සේ ක්‍රියාත්මක වේ.
කුඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා උපරිම වශයෙන් රුපියල් මිලියන 300 ක් වැය කරන අතර නැවත පදිංචි කිරීම, නවාතැන්, ජීවනෝපාය, රැකියා, කාන්තා සවිබල ගැන්වීම වෘත්තීය පුහුණුව, අධ්‍යාපනය සහ පර්යේෂණ, සංස්කෘතික කටයුතු, ක්‍රීඩා, කාර්මික සංවර්ධනය, වෛද්‍ය මධ්‍යස්ථාන හා රෝහල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ වෛද්‍ය උපකරණ සැපයීම ඒ යටතේ ක්‍රියාත්මකය.
දැනට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති නව ගිවිසුම ප්‍රකාරව අඛණ්ඩව පවත්වාගෙන යාම සිදුවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval