රතිඤ්ඤා පත්තු කරමින් බීමතින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු දෙදෙනකු ඉකුත් 24 වැනි රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මේ පිළිබඳව ලද තොරතුරක් අනුව වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ බව දැනගත් එක් සැකකරුවකු ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති අතර පසුව ත්‍රීරෝද රථය සහ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

Comments
Post a Comment
Your comment will be visible after approval