කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ දී ඉන් පළා ගිය 25 හැවිරිදි කාන්තාව ඇහැළියගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගත් බව රාත්‍රියේ වාර්තා විය.

මෙම කාන්තාව සොයා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිටම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර අද සවස වනතුරු හමුවූයේ නැති නමුත් කැලෑ ප්‍රදේශයක සැඟව සිටින බවට ලැබුණ ආරංචි ඔස්සේ ඇය සිටි ස්ථානය හඳුනාගෙන කළ මෙහෙයුමකින් පසුව අද රාත්‍රීයේ දී ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයේදී එම කාන්තාව සොයා ගැනීමට හැකිවී ඇත.
මේ වන විට ඇයව රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතියි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධිත හා එයට ඇබ්බැහිවූ කාන්තාවක බව කියන ඇය පසුගියදා සිය කොවිඩ් ආසාදිත කුඩා දරුවාද රැගෙන IDH රෝහලෙන් පළා ගොස් තිබුනේ එහි ෆෑන් ලයිට් එකක් ගළවා ඉන් රිංගාගෙනය.
 පසුව ඇය සිය දරුවා ඥාති නිවසක තබා ඉන් පිටව ගොස් තිබුණි. ඇගේ ආසාදිත දරුවා මේ වනවිට ආයුර්වේද රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.
කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුව සිට අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව කියන අද හමුවූ කාන්තාව
රාත්‍රියේ පැනගිය පසුව නිවසට ගිය ආකාරය තවම පැහැදිලිවී නැති අතර පසුගිය දිනවල සිදු කළ සංචරණ පිළිබඳ වෙනම විමර්ශනයක් සිදු කරන්නට පොලිසිය බලාපොරොත්තු වේ.