සිරස “නිව්ස් ෆස්ට්“ මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති වාරණය කරමින් අධිකරණ නියෝගයක් කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ කොවිඩ් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධව
ලබන 07 වැනිදා දක්වා නිකුත්කර ඇති මෙම නියෝගය ලබාදී ඇත්තේ ”ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්” සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් ඊයේ (23) කැඳවූ අවස්ථාවේදීය.
මෙම පැමිණිල්ල ගොනු කොරමින් පැමිණිලි කරුවා විසින් රුපියල් බිලියන 02ක වන්දියක්ද සිරස ආයතනයෙන් ඉල්ලා ඇත.
ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් සමාගම පෙන්වා දී ඇත්තේ, වගඋත්තරකරුවන් සැමවිටම පැමිණිලිකරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ද්වේෂසහගතව කටයුතු කර ඇති බවය.

Comments
Post a Comment
Your comment will be visible after approval