බත්තරමුල්ල, පොල්දූව පාලම ආසන්නයේ දියවන්නා ඔයේ පාවෙමින් තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ
සිරුරක් ඊයේ(28) පොලීසිය විසින් සොයා ගැනිණි.
දියවන්නා ඔයේ මුර සංචාරයේ යෙදුණු නාවික හමුදා නිලධාරීන් පිරිසක් මෙම මළ සිරුර දැක තිබිණි.
ඉන් පසු පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය හා නාවික හමුදාව එක්ව එම මළ සිරුර ගොඩට ගත්
අතර පසුව එම මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියහ.
මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
චතුර දේශාන් ලියනගේ - කිරුළපන
කුමුදු ජයවර්ධන

Comments
Post a Comment
Your comment will be visible after approval