
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා වෛරසය ධනාත්මක වීම නිසා අවදානම් තත්වයක් මතුව ඇති අතර එම කලාපයේ සියලු පාසල් නොවැ 30 - දෙසැ 04 සතිය තුළ වසා දැමීමට දඹූල්ල නගරාධිපතිවරයා තීරණය කර තිබේ.
ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතා පැවසුවේ, ආර්ථීක මධ්‍යස්ථානය ආශ්‍රිතව කරන ලද 200 දෙනෙකුගේ අහඹු පරීක්ෂාවකින් ආසාදිතයින් 03 ක් හඳුනා ගත් බවයි.ෙ
හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් තිදෙනා ගලහ, එප්පාවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් යෙ
ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් බැවින් ඔවුන් පැමිණි බව කියන වෙළෙඳසැල් 3 ක් වසා දැමීමට පියවර ගත් බව වෛද්‍යවරයා සඳහන් කළේ ය
ඔහු සඳහන් කළේ , ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval